• Albertwaruda Manushyayoya - ඇල්බට්වරුද මනුෂ්‍යයෝය

ගුත්තිල ඇල්බට් කවදත් කීර වඩේ වලට ආසා කළේ ය. කීර වඩේ යනු යනු සම්මතයටත් අසම්මතයටත් නැති දෙයක් බව ඔහුගේ විශ්වාසය විය. එක් අතකින් පලා වර්ග දමා වඩේ හැදීම යනු පරිප්පුවලට නිවිති දැමීමට හැම අතින්ම සමාන දෙයක් වන අතරම, අනික් අතින් කීර වඩේ ලාංකීය බඩජහරි සන්තානයේ ජාතිවාදී සීමා දියකරන සීමාවෙන් එපිට නිහතමානීව හිටගෙන ඉන්නා බෝල පහේ ආදරවන්තයෙකි. ඒ අතින් එය සම්ප්‍රදාය තුළම ඉඳගෙන සම්ප්‍රදායට අභියෝග කරන කුමාරතුංග මුනිදාස වැනි වඩයක් බව ගුත්තිල ඇල්බට් එක්තරා පියසමරමය ගෞරවයක් සහිතව කල්පනා කළේ ය. ඒ නිසා ජීවිතය මොකක් හෝ කොණකින් අල්ලා ලාවට පොළොවේ ගසන බාගෙට හෝ ඇස් ඇරවනසුලු නිමේශයන්ගෙන් පසුව ගුත්තිල ඇල්බට් හැමදාම කළේ පලක්කුවාට වත් නොකියා තනියම සයිවර් කඩයකට ගොස් කීර වඩේ දෙකක් කා කිරි කාලක් බී පලක්කුවාට උඳු පිටි මෙන් පෙනෙන යම්කිසි පිට්ටකින් හැදූ සූදුරු මිශ්‍ර මුරුක්කු පැකට් එකක් රැගෙන ගෙදර යාම ය. කරදණ්ඩ වැට ඉන්නකට උස් වී උඳු පිටි සන්නිය හිච්චියට හෝ තේරුම් ගත හැකි මට්ටමට ළපටි මනස මේරූ පසුව පලක්කුවා ඒ ගැන ඩිංග ඩිංග වදවීමට පටන්ගත් නමුත් ගුත්තිල ඇල්බට් හැමදාමත් නිවිච්ච හාල්පිටි තෝසයක් වැනි හීතල, කුඩුකුඩු වචන දෙකතුනකින් පලක්කුවා නිහඬ කළේ ය.
"ඔය මුරුක්කු ටික කාලා ඉක්මනට ලොකුවෙන්න!"
අවුරුදු දහ අටේ සිට විසි එක පමණ වන කාලය දක්වා මේ ලොකුවෙන කතාවට ලොකුවට මලපැන්න නමුත්, මුරුක්කු කා ඉක්මනට නොවුණත් ලොකු වූ පසු පලක්කුවා වචනවලින් නොව ක්‍රියාවෙන් තාත්තා ගොඩදාන්නට හැකි වන කාලයක් ගැන කලාතුරකින් හෝ වැසිකිළියේදී පවා හිතන්නට පුරුදු විය.


pages - 512

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Albertwaruda Manushyayoya - ඇල්බට්වරුද මනුෂ්‍යයෝය

  • Rs. 1,950.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Porabima Maranaya - පොරබිම මරණය

Porabima Maranaya - පොරබිම මරණය

පොරබිම මරණය ලෙස මෙහි අනුවාදනය කර ඇති ,"Liantopor Ignacio Sanches Mejias " නම් කවි පෙළ ලොර්කගේ විශිෂ්..

Rs. 350.00

Andakara Adaraye Padawal - අන්ධකාර ආදරයේ පදවැල්

Andakara Adaraye Padawal - අන්ධකාර ආදරයේ පදවැල්

 මෙලොව බිහි වූ විශිෂ්ටතම කවියා ලෙස සැලකේ.. ඔහුගේ නිර්මාණ පරාසය පද්‍ය පමණක් නොව වේදිකා නාට්‍ය , ..

Rs. 350.00

Foard Kotina Saha Lotas Kotina - ෆෝඩ් කොටින සහ ලෝටස් කොටින

Foard Kotina Saha Lotas Kotina - ෆෝඩ් කොටින සහ ලෝටස් කොටින

ෆෝඩ් කොටිනා කිව්වම ලංකාවේ අපි ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ යාන්තමට,Muscle car එකක් වගේ පෙනුම තියන,ඒ උනා..

Rs. 350.00

Prashna Saha Uththara - ප්‍රශ්න සහ උත්තර

Prashna Saha Uththara - ප්‍රශ්න සහ උත්තර

මේ තියෙන්නේ ක්ලැසික් එක්ක අවුරුදු අටකට වැඩි කාලයක් ගත කරලා,ඒවා හතර පාරක් පේන්ට් කරලා,එන්ජින් පලු කරල..

Rs. 350.00

Car Pissuwa Sithiwili Ekathuwa - කාර් පිස්සුව සිතිවිලි එකතුව

Car Pissuwa Sithiwili Ekathuwa - කාර් පිස්සුව සිතිවිලි එකතුව

2016 අවුරුද්දේ පටන් අරන්,ඒ අවුරුද්දෙම කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එක හදාගෙන එකට මුලික වුනු කාර් පිස්ස..

Rs. 490.00

Swarna Pusthaka Award Long Listed Books 2021 - 2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

Swarna Pusthaka Award Long Listed Books 2021 - 2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

මෙම ඇණවුම සඳහා ශ්‍රී ලංකාව තුළ ෆ්‍රී ඩිලිවරි ලබා ගත හැකිය.  මෙම ඇණවුම සමග තවත් කෙතරම් පොත් ගෙන්..

Rs. 7,450.00

Sobanakaraya - සෝබනකාරයා

Sobanakaraya - සෝබනකාරයා

ප්‍රධාන සෝදුපත් කියවන්නා / ප්‍රධාන පොත් පරීක්ෂකවරයා හමුවීමට ඔහු බලාගෙන හිටියා. ලොකු චකිතයක් හිතේ නොත..

Rs. 700.00